Synopsis

සිංහල

අලි-මිනිස් ගැටුමෙන් බැටකන ගමක වෙසෙන රුසියා, ගැජමැටික්, මැතමැට්ටි සහ ඔමිදු යනු සුවිශේෂී සහජ දක්ෂතා සහිත බිඳුණු පවුල්වල උපන් දරුවන් සිව්දෙනෙකි. නායකත්වය, තාක්ෂණය ගණිතය සහ පරිසරය යන ක්ෂේත්‍රවල මොවුන් සතු සුවිශේෂී හැකියාවන් පවුල, පාසල හෝ වෙනයම් තැනක ඇගයීමට ලක් නොවේ. තමන්ටත් සිය ගම්මානයටත් මුහුණ දෙන්නට සිදුවන අලි තර්ජනයට තිරසාර විසඳුමක් සෙවීමට මොවුන් දරන උත්සාහයන් මුලදී අසාර්ථක වී සැවොම වෙතින් ප්‍රතික්ෂේප වුවද, කුරුල්ලන් ගැන පර්යේෂණයකට ගමට පැමිණෙන අනුරාධ නම් තරුණයා ඔවුන්ගේ ශක්‍යතා හඳුනාගෙන මඟපෙන්වයි. ඔහුගේ දිරිගැන්වීම මත දරුවන් සිව්දෙනා තම හැකියාවන් හොඳින් ගොනු කොට ගෙන අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික හා තාක්ෂණික විසඳුමක් සොයා ගනී. එය ඔවුන්ට පමණක් නොව මුළු ගමටම ඵලදායී විසඳුමකි.

English

A remote village in Sri Lanka, plagued by the human–elephant conflict, is home to Rusiya, Gadgematic, Methamatti, and Omindu. Four friends, labeled misfits by school and society, the children who come from broken families each have unique talents. One shows natural leadership, one has an aptitude for technology, one excels in mathematics and the other has a deep understanding of the environment. Their lives change when Anuradha, a young researcher, arrives in the village and notices their hidden potential. As the conflict between beast and human heightens, the children take it upon themselves to search for a solution.

Cast

  • හේමාල් රණසිංහඅනුරාධ සර්
  • ඉෂන්කා ජාන්වී කොස්තාඅප්සරා
  • සුජානි මේනකාගණිත ටීචර්
  • බිමල් ජයකොඩිලොකු නිලමේ
  • ප්‍රියන්ත සිරිකුමාරසහබන්දු සර්
  • කෞශල්‍යා ප්‍රනාන්දුඅත්තම්මා
  • මයුර කාංචනගැජමැටික්ගේ තාත්තා
  • තිලක්ෂණී රත්නායකරුසිරුගේ අම්මා

Trailer

Watch on YouTube ↗

Director’s Statement

Palitha Perera beside a cinema camera on set
Palitha PereraDirector

ප්‍රාථමික අවධියේ සිටම ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ දරුවන්ගේ දක්ෂතාවය හෝ හැකියාව මනිනු ලබන්නේ ලිඛිත විභාගයකට මුහුණ පා එහි ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදයක් මත පමණි. දරුවන් සහජයෙන් රැගෙන එන්නාවූ හෝ අවට වටපිටාව නිරීක්ෂණයෙන් දියුණු කරගන්නා වූ බහුවිධ කුසලතාවයන් නිවැරදිව හඳුනාගෙන එය සංවර්ධනය කිරීමට හැකි දක්ෂ ගුරුවරුන් හෝ වෘත්තිකයන් ද ක්ෂේත්‍රයේ දක්නට නොලැබෙන තරම්‍ ය.

එම දරුවන්ට අතහිත දීමට හෝ ධෛර්යමත් කිරීමට මෙන්ම ආදරය ලබාදීමට සුදුසු සුවදායී වටපිටාවක් දරුවන්ගේ පවුල් පරිසරය තුළද ද දක්නට නැත. දරිද්‍රතාවයෙන් පීඩිත බොහෝ පවුල්වල විවාහ දෙදරායාම් මත සිදුවන ඝට්ටන හා ආරවුල් බහුලය. වියලි කලාපයේ අලි මිනිස් ගැටුමට මැදිවූ ගමක නම් මෙම තත්ත්වය වඩාත් උග්‍ර වෙයි.

හරියාකාර විද්‍යානුකූල විසඳුමක් නොමැතිව එක තැන පල් වෙන ප්‍රාථමික අධ්‍යාපන හා අලි මිනිස් ගැටුම ගැන මා හට ඇති සංවේදීතාවය සහ අදහස හා ළමයින්ට සමාජය තුළ වටිනාකමක් දීම සමාජය සමඟ සමග බෙදා ගැනීමට මහායා බෝංචි තුළින් මා උත්සාහ ගත්තා

From the Creators of Thaala

Thaala theatrical poster

Thaala (2019) and Maya Bonchi share director Palitha Perera, producer Nilan Weerasinghe and composer Chinthaka Jayakody.

20th Presidential Film Awards

  • Best Supporting ActorPriyantha Sirikumara
  • Best Song CompositionChinthaka Jayakody for “Kan Kan Kan Kan Buru”
  • Best Film NominationThaala
See the awards results ↗

Audience Reviews

“අලි පිළිබඳව තොරතුරු එකතු කරලා අලියා සහ මිනිසා මුණගැහෙන එක නැවැත්වීමෙන් සෑහෙන මරණ සංඛ්‍යාවක් අඩු කරගන්න පුළුවන්.”

තිස්ස ජනනායක

“මම ඉල්ලා සිටිනවා කාවන්තිස්සට යුක්තිය ඉල්ලන හැමෝටම මේ චිත්‍රපටය බලන්න එන්න කියලා. මොකද අලි-මිනිස් ගැටුමට දෙන්න ඕන විසඳුම විද්‍යාත්මකව මේ චිත්‍රපටයේ සාකච්ඡා කරනවා. ඒක ඉතා විශාල වටිනා අවස්ථාවක්”

නයනක රන්වැල්ල